srilanka-a

වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබී පළමු කණ්ඩායම බවටද ශ්‍රී ලංකාව පත් විය.

ශ්‍රී ලංකාව – 171/7යි. (ඕවර 20) වනිඳු හසරංග 71, පැතුම් නිශ්ශංක 61 (ජෝෂුවා ලිට්ල් 23/4, මාර්ක් අඩෙයාර් 35/2)

අයර්ලන්තය – (ඕවර20 ) ඇන්ඩෘ බැල්බර්නි 41, කර්ටිස් කැම්පර් 24 (මහීෂ් තීක්ෂණ 17/3, ළහිරු කුමාර 22/2, චාමික කරුණාරත්න 27/2)

Similar Posts