20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.

තරඟය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිතය.

මෙම තරගය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැත්වේ.

පෙරේදා පැවැති අයර්ලන්තය සමග තරගය ජයගෙන කල් ඇතිවම පළමු 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් බැවින් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සිය අඩුපාඩු සහිත තැන් සකසා ගැනීමේ අවස්ථාවක් බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ සුදුසුකම් ලැබීමේ වටයේ තරග දෙකෙහිදීම නොම්මර තුන ස්ථානයේ ක්‍රීඩාකරමින් අසාර්ථක වූ දිනේෂ් චන්දිමාල්ට අයර්ලන්තය සමග තරගයේ යම් අවධානමක් පැවතියද, ලකුණු අතරට පැමිණීම සඳහා අද තරගයේදී ද ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සැලවේ.

Similar Posts