මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස  ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස් කණ්ඩායම් 05 ක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කරමින් සිටින බවද ඔහු පවසයි.

මහර බන්ධනාගාරයේ සිටින රිමාන්ඩ් සිරකරුවන් විසින් පළමුව බන්ධනාගාරය තුල නොසන්සුන්තාවයක් ඇති කොට තිබෙන අතර පසුව එය කැරැල්ලක් දක්වා වර්ධනය වී ඇති බවත්  බන්ධනාගාරය තුල සිටි රැඳවියන් එහි සිටි නිලධාරීන් සිය ග්‍රහණයට නතු කර ගැනීමට තැත් කිරීමක් සහ තවත් පිරිසක් බන්ධනාගාරයෙන් පළා යාමට උත්සහ දරා ඇති බවත් පැවසේ.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට සිය අවම බලය යොදා ඇති බවත් බන්ධනාගාරය තුල සිටින රැඳවියන් විසින් ලේඛණාගාරය සහ මුළුතැන්ගෙය ඇතුළු ගොඩනැගිලි කිහිපයක් ගිනි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානිකා

Similar Posts