MV-X-Press-Pearl

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ඇතුළත් කිරීම ප‍්‍රතික්ෂේප නොකළේ නම් එය බේරාගැනීමට හැකියාව තිබුණේ යැයි එම නෞකා සමාගමේ විධායක අධ්‍යක්‍ෂ ටිම් හොර්ට්නෝල් මහතා විදේශ මාධ්‍ය වෙත පවසා තිබුණි.

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරායට ඇතුල්වීමේ උත්සහයට පෙර පළමුවෙන්ම බටහිර ඉන්දියාවේ හසීරා වරායටත්, දෙවනුව කටාර්හි හාමඞ් වරායටත් ඇතුල්වීමට අවසර ඉල්ලා සිටි බවත් එම වරායන් දෙකම එය ප‍්‍රතික්ෂේප කළ බවත් විධායක අධ්‍යක්‍ෂවරයා පවසයි.

ප‍්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය නියමිත ප‍්‍රමිතියට නැව තුළ ගබඩා නොකිරීම නිසා ඒවා කාන්දුවීම ගිනිගැනීමට හේතුව බවත් අනතුර හදුනාගත් අවස්ථාවේදී ඉන්දීය වරායට ඇතුල්වීමට අවසර ලැබුණේ නම් හානිය වළක්වාගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පවසා තිබේ.

Similar Posts