car-banned

වත්මන් ඉන්ධන අර්බුදයට කෙටිකාලීනව විසඳුම් ගෙන ඒමේ යෝජනාවක් වශයෙන් එංජින් ධාරිතාව 2000CC ට වැඩි සියලුම කාර් සහ ජීප් රථ ධාවනය තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

“අද සමහර සැප කාර්, ජීප් තියෙනවා ලීටරයට යන්නේ කි.මී. 4යි 5යි. හැබැයි ත්‍රී රෝද රථයක් ලීටරයට කි.මී. 25 ක් 30 ක් යනවා.

වෙනත් වචනවලින් කිව්වොත් මේ වාහනයක් එක දවසකට වැය කරන තෙල් ප්‍රමාණයෙන් ත්‍රී රෝද රථයක් සතියක් දුවන්න පුළුවන්.“ මේ අතර තමන් මේ වන විට භාවිතා කරන්නේ 1500CC පුංචි කාර් රථයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

Similar Posts