corona2

නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම හා මරණයට පත් කිරීම අතින් ඉහළ අවදානමක් සහිත බවට අනුමාන කර තිබේ. එමෙන්ම එම ප්‍රභේදය ආසාදිත වූවන් තිදෙනකුගෙන් එක් අයකු මිය යෑමට ඉඩ ඇතැයි ද අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන් වනසතුන්ගෙන් පැතිරෙන වසංගත රෝගවලින් 75% ක්ම මිනිස් සිරුරට අහිතකර බලපෑම් සිදුකරන බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් නව වයිරස් වශයෙන් මිනිස් සමාජය තුළ ව්‍යාප්ත වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

දකුණු අප්‍රිකාවේ වවුලන්ගෙන් හඳුනා ගත් බවට චීනයේ යූහාන් නුවර විද්‍යාඥයන් විසින් අනාවරණය කරනු ලැබූ කොවිඩ් වයිරසයේ ‘නියෝකොව්‘ නව ප්‍රභේදය මිනිස් සිරුරට කෙතරම් දුරට තර්ජනයක් වන්නේදැයි තහවුරු කරගැනීමට තවදුරටත් අධ්‍යයනය කළ යුතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

Similar Posts