rt-pcr

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ අහඹු ලෙස කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලින් කොවිඩ් ආසාදිතයන් අට දෙනකු හමුවිමත් සමග මෙම ප්‍රදේශයේ වැඩි දුරටත් අහාඹු පි. සි. ආර්. පරික්ෂවන් කිරිමට අවදානය යොමු කර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එස්. කාමදේවන් මහතා පවසන ලද්දේ දිපවාලි උත්සවය සදහා කොළඹ ඇතුළු ප්‍රදේශවල සිට වතු කරය ඇතුළු ප්‍රදේශයන්ට විවිධ පිරිස් පැමින ඇති බවත් එම පිරිස් පිලිබදව අහමු ලෙස කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් 19 ආසාදිතයන් අට දෙනකු හදුනා ගත් බවත්ය.

මෙම ආසාදිතයන් අට දෙනා හමුවුයේ අහාඹු ලෙස පුද්ගලයන් 130 දෙනකුගේ පි. සි. ආර්. පරික්ෂාවකින් පසුව බවත් එම තත්වයන් මත අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් තව දුරටත් වර්ධනය කල යුතු බවත් එම තත්වයන් මත ඉදිරි දිනවලදි තවත් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මෙම අහාඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට අමතරව කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හමුවු අට දෙනාගේ ඥතින් හා ඔවුන් ඇසුරු කල පුද්ගලයන් පිලිබදව සොයා බලා ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද කාමදේවන් මහතා පවසන ලදි.

මෙම කොවිඩ් ආසාදිතයන් අට දෙනා හමුවිමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුව ඇති බවත් මෙම ප්‍රදේශයේ පුද්ගලයන් හාරසිය දෙනකු (400) පමන සුවයං නිරෝධානයන්ට ලක් කර ඇති බවද කාමදේවන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

Similar Posts