අනුරාධපුර විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් තුනක ආහාර නොගෙන පැමිණි දරුවන් විසි දෙනකු එම පාසල්වලදී ඊයේ (21) සිහිසුන්ව ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) අනාවරණය කළේය.

දරුවන්ගේ ආහාර ප්‍රශ්නය අද බරපතළ තැනක පවතින බව සඳහන් කළ කුමාරසිරි මන්ත්‍රීවරයා ආහාරයට කුරුම්බා ලොඳ ගෙන ආ මිනුවන්ගොඩ පාසල් සිසුවකු සම්බන්ධයෙන්ද ඊයේ මාධ්‍යවලින් තොරතුරු වාර්තාවූ බව ප්‍රකාශ කළේය.

පාසල් දරුවකුට රුපියල් 60 කින් දිවා ආහාරය ලබාදිය නොහැකි බවත් මේ ගැටලුව සම්බන්ධයෙන් වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා කීවේය.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:

දරුවන්ගෙන් හතරෙන් එකකට දිවා ආහාරය දෙන්න අපි අසමත් වෙලා. අද ළමයි කලන්තේ දාලා වැටෙනවා. ඒක තමයි ඇත්ත තත්වය. මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්න ඕන. අද බත් බැංකු හදන තත්වයක් රටේ ඇතිවෙලා.

Similar Posts