covid infections today

කුඩාවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක් වූ උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඉකුත් 11 දින තංගල්ල මූලික රෝහලේදී ඇයට සිදු කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව සිසුවියට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොවිඩ් ආසාධිත සිසුවිය කඹුරුගමුව රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබුණි.

මීට ප්‍රථම කුඩාවැල්ල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක හිමිකාරියකට කොවිඩ් ආසාධනය වී තිබුනු අතර සිසුවිය ඇයගේ ආශ්‍රිතයෙකු බවට සෞඛ්‍ය අංශ හදුනාගෙන තිබුණි.

මේ වන විට කුඩාවැල්ල ප්‍රදේශයෙන් කොඩිඩ් ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගෙන තිබේ.අද(13) දිනයේදී තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය විසින් කුඩාවැල්ල ප්‍රදේශයේ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts