american election announcement

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඒ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය “ජන්ද විද්‍යාල” 290 ඉක්මවා ගොස් ඇති බවය.

ඔහු ජනාධිපතිධූරයේ 2021 ජනවාරි මාසයේදී රාජකාරි අරඹනු ඇත.

ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා වීමට පෙර ජෝ බයිඩන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා යටතේ උප ජනාධිපතිවරයා ලෙස සේවය කරනු ලැබුවා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් සටහනක් තබමින් අභිනවයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයා සුබ පැතුම් එක් කර තිබෙනවා.

american election 2020 result

Similar Posts