අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, ඒ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි.

එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා Antigen පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ බස්නාහිර පළාතෙන් පිටතට යාම අවම කරන්නේ නම්, එය වඩාත් යහපත් බවයි.

Similar Posts