රජයේ රැකියා ලක්ෂයට අනුව අනුරාධපුර ශික්ෂන රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අඩු සුදුසුකම් ඇති 50දෙනෙකු යොමු කිරීමට විරෝධය පලකරමින් ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් විශාල පිරිසක් අඛණ්ඩ දෙවැනි දිනයට ඊයේ (10දා)සේවයට වාර්ථා නොකරමින් අත්‍යවශය සේවා වලින් ඉවත්වි විරෝධතාවක නිරතවූහ.

වැඩ වැරුමට ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය ප්‍රගතිශිලී සෞඛ්‍ය සංගමය හා සුවසේවා සංගමයේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.

ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බී ශල්‍යාගාරය හා මුළුතැන්ගෙය අතර පිහිටි ක්‍රීඩා පිටිය අසලට ඊයේ (10දා)රැස්වි රාජකාරියට වාර්ථා නොකරමින් විරෝධතාවයේ නිරතවූහ.

ඒ සදහා කනිෂ්ඨ කාර් ය මණ්ඩලයේ සේවකයන් 400කට අධික පිරිසක් එක්ව සිටිය අතර කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් රාජකාරිවලට එක් නොවිම නිසා රෝහලේ දෛයිනික වැඩ කටයුතු වලට දැඩි බාධා එල්ලවි තිබුණි.

සේවයට වාර්ථා නොකළත් ඉතා අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීම සදහා ඔවුන් සූදානමින් සිටි අතර විරෝධතාවයට නිසි විසදුමක් ලබාදීමට කටයුතු කරනා ලෙස ඉල්ලමින් වෘත්තිය සමිති හතරක සේවයකයන් ඊයේ (10දා) අනුරාධපුර ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතා හමුවි සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදි පැහැදිලි පිළිතුරක් නොලැබුණු බව කියමින් සේවකයන් නැවත අඛණ්ඩව විරෝධතාව පැවත්වූ අතර සියළුම සේවා වලින් ඉවත්විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ශාඛාවේ කැදවුම්කරු පී.බී විජේසිංහ මහතා.අපි රාජකාරියට වාර්ථා නොකර තමයි (10දා) දිනයේ විරෝධතාවයේ නිරතවෙන්නේ.නමුත් රටේ පවතින සෞඛ්‍ය තත්වය නිසා විධිමත්ව සේවය සපයන්න කියලා රෝහල් අධ්‍යක්ෂවරයා වෘත්තිය සමිත හතරක ප්‍රධානින්ට ලිපි යොමුකරලා තියනවා.

අපි ඒ ලිපි වලට අනුව කටයුතු කරන්න කිසිම සූදානමක් නෑ.වර්ජනයක ඉන්න අපි අතින් මොකක් හරි අත්වැරදීමක් වුනොත් අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා.ඒ නිසා වෘත්තිය සමිති හතර සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නවා.

අපි අත්‍යවශ්‍ය සේවාවන් අතහැරලා ගෙවල් වලට යනවා.ඊට පස්සේ දැඩි වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක් ගන්නවා.අද (11දා)ඉදලා උපවාසයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

රැකියා ලක්ෂය වැඩසටහන යටතේ අධ්‍යාපන සුදුසුකමින් අඩු පිරිසක් බදවාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අනියුක්ත කිරීමට එරෙහිව සේවකයන් (09දා) සිය විරෝධතාවය ආරම්භ කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts