වර්තමාන දේශපාලන හා ආර්ථික ප්‍රශ්නය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ යෝජනාවලියක් වෘත්තීයවේදීන් පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මන්දිරයේදී  බාරදෙනු ලැබීය.

රට ගොඩනැඟීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සඳහන් කෙරිණ.

මෙම පිරිසේ සාධනීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

මේ සාකච්ඡාවට මහාචාර්ය පාතේගම ඤාණිස්සර විටියල කවිධජ යන හිමිවරුද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ , ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක යන මහත්වරුද ජාතික ප්‍රතිපත්තියක් සඳහාවූ වෘත්තිය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අසෝක ජයසේන නීතිවේදි නෙළුම් වේරගොඩ සහ අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීහු සහ තරුණ කණ්ඩායමක්ද සහභාගී වූහ.

Similar Posts