ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අයත් පූනේ හී මිය ගිය කාන්තාවක් අසළ සිටියදී මාස 18ක් කුඩා දරුවෙකු සොයා ගැනීමට පූනේ පොලීසිය සමත්ව තිබේ.

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදිතව මියගොස් දින 02ක් ගත වී තිබුණු අතර එම දින දෙක පුරාවටම ඇයගේ දරුවාද ඇය අසළටම වී සිටි ඇත්තේ ජලය හෝ ආහාරවත් නොමැතිවයි.

මෙම සිදුවීම වූ නිවස අසළ පදිංචිකරුවෙකු විසින් පූනේ පොලීසිය හට එම නිවස තුළින් අධික දුර්ගන්ධයක් වහනය වන බවට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම ඉතාමත් සංවේදී සිදුවීම දැක ඇත.

කාන්තාව මිය ගොස් දින 02ක් බවට අනාවරණය කරගෙන තිබූ අතර දරුවාද ඇය අසළටම වී සිට තිබේ.

පොලිස් නිලධාරීන් මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ තමන්ටත් දරුවන් සිටින බවත් මෙය දුටු අවස්ථාවේ දැඩි ලෙස කම්පාවට පත්වූ බවයි.

Similar Posts