bogambara

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ අලූයම සමත්ව තිබෙනවා.

බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ.

මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පලා යෑමට උත්සාහ කළ අතර එම අවස්ථාවේ එක් අයකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.

Similar Posts