america-china

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් චීනය සම්බන්ධයෙන් ලෝකයට බොරු කියා ඇති බව චීනය චෝදනා කරයි. පසුගිය 27 වැනිදා බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මේ චෝදනාව කළේය.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉකුත් 26 වැනිදා ජෝර්ජ් වොෂිංන්ටන් විශ්වවිද්‍යාලයේ පැවැත්වූ දේශනයක දී “ආයෝජන, සන්ධානය සහ තරගකාරිත්වය” යන කරුණු කේන්ද්‍ර කරගනිමින් චීනය කෙරෙහි ඇමරිකානු ප්‍රතිපත්තියේ නව ප්‍රධාන කරුණු පැහැදිලි කර ඇත.

මීට ප්‍රතිචාර දක්වමින් වං වෙන්බින් පෙන්වා දෙන්නේ සෙසු රටවලට එල්ලවන‘චීන තර්ජනයක්’ පිළිබඳ අදහසක් හුවාදක්වමින්
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ අරමුණ වී ඇත්තේ චීනයේ දෙස් විදෙස් ප්‍රතිපත්ති අපකීර්තියට ලක් කර චීනයේ සංවර්ධනය අඩාල කර ඇමරිකානු ආධිපත්‍යය තහවුරු කිරීම බව යි.

අතීයේ වර්තමායේ මෙන්ම අනාගතයේදීද චීනය ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙසට අනිවාර්යයෙන් කටයුතු කරන බව ද ඔහු මෙහිදී වැඩි දුරටත් පවසා ඇත.

Similar Posts