port

කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට ඇති ගුවන් පාලම කඩා වැටීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.

මෙම මාරක අනතුර පිළිබඳව අවස්ථා රැසකදීම කොළඹ මහ නගර සභාව දැනුම්වත් කළත් මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නඩත්තු කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පුවත්පතක් වෙත පවසා තිබුණා.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් සේවා යළි ආරම්භ කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත පිරිසක් මෙම ගුවන් පාලම මතින් ගමන් කිරීම හේතුවෙන් එහි අවදානම තවත් ඉහළ ගොස් තිබෙනවා.

පාලමේ කැඩී ගිය යකඩවල කාන්තාවන්ගේ සාරි පැටලීම හේතුවෙන් අනතුරුවලට මුහුණ දුන් අවස්ථාවන් ඇති බවත් වාර්තා වෙනවා.

ගුවන් පාලමේ අබලන්ව ඇති ස්ථානයන්වලට මේ වන විට සිමෙන්ති ගල් යොදා තාවකාලිකව සකස් කර තිබුණත් එහි අවදානම තවමත් පහව ගොස් නැහැ.

Similar Posts