jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

රජය නියම කර තිබෙන මිල ගණන් වලට වඩා මගීන් ගෙන් ගාස්තු අය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මේවන විටත් එවැනි බස් රථ පහක මාර්ග බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.

ඇතැම් බස් රථ වලින් නියමිත මුදලට වඩා වැඩියෙන් ගාස්තු අයකරන බවට හා ඒ සඳහා නියමිත ටිකට් පතක් නොදෙන බවට මගීන් ගෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙන බවද ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිපුර මුදල් අයකරන හා ටිකට් පත් නොදෙන බස් රථ වැටලීම සඳහා ගමනා ගමන කොමිෂන් සභාව මගින් වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන බවත් මේ සම්බන්ධව නිහඬව නොසිට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස තමන් මගී ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසුවේය.

සෑම ගමන් මාර්ගයකටම අදාළව ගාස්තු අයකළ යුතු ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන බවත් ඊට අදාළව මගීන්ට ටිකට් පත් නිකුත් කිරීම කොන්දොස්තරවරයාගේ වගකීම බවත් කී ඇමැතිවරයා ටිකට් නොදීම බරපතල වරදක් බවද අවධාරණය කළේය.

නියමිත ගමන් ගාස්තුවට වඩා වැඩියෙන් මුදල් අය කිරීම හා ටිකට් පත් නොදීම යන වැරදි දුටුවහොත් නිහඬව නොසිට ඒ සම්බන්ධව කඩිනමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හෝ ගමනා ගමන කොමිෂන් සභාවේ 1995 අංකයට දැනුම් දෙන ලෙස තමන් මගී ජනතාව ගෙන ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

මෙයට අමතරව ගමනා ගමන කොමිෂන් සභාව මගින් Bad Bus නමින් ඇප් එකක් හඳුන්වාදී තිබෙන බවත් එයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව මගීන්ට තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

බස් රථයේ අංකය,එය ගමන් ගන්නා මාර්ගය එවීමට මගීන් ක්‍රියා කරන්නේ නම් ගමනා ගමන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts