elahera

මෙවර මහ කන්නයේ වගා කිරීමට ඇළහැර ව්‍යාපාරයට පොහොර නොමැතිව මොරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් නොකරන්නැයි ආණ්ඩුවට බල කරමින් ඇළහැර ව්‍යාපාරයේ ගොවි  එකමුතුව  ඊයේ (13) බකමුණ නගරයේ දී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූහ.

බකමූණ දඹුල්ල ප්‍රධාන  මාර්ගයේ වටරවුම අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර බකමූණ නගරය මධ්‍යයේ විරෝධතා පෙළපාලියකින් විරෝධතා පුවරු ද සහිතව මිනී පෙට්ටියක්  රැගෙන යමින් ගොවීන් මෙම විරෝධතාව පැවැත්වූහ.සිය විරෝධයට අදාළ කරුණු සහිත සන්දේශයක් මොරගහකන්ද නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර් යාලයට භාර දීමට ද විරෝධතාකරුවෝ කටයුතු කළ හ.

ඇළහැර ව්‍යාපාරය ගොවි සංවිධාන හතලිහකට අයත් ගොවීන් පන්සියයකට වැඩි පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර පැය තුනකට වැඩි කාලයක් විරෝධතාවය පැවැත්විණි.

elahera elahera

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Similar Posts