corona1

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් 19 ආසාධිතයන් වාර්ථාවීම ඉහළ ගොස් ඇති බවත් උතුරු මැද පළාතේ කොවිඩ් 19ආසාධිතයන්ගේ සංඛ්‍යාව 796 දක්වා ඉහළ ගොස් තිබෙනා බව උතුරු මැද පළාත් සෞඛ්‍ය මෙහෙයුම් කමිටුව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ අනාවරණය කළේය.

හමුව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය ශ්‍රවණාගාරයේදි ඊයේ (15දා) පැවත්විණි.උතුරු මැද පළාතේ කොව්ඩ් 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව 796 දෙනෙකු වන අතර අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රෝගීන් ප්‍රමාණය 491ක් හා පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ  රෝගීන් සංඛ්‍යාව 305ක් බව එහිදි අනාවරණය විය.

අනුරාධපුර දිස්ත්‍රීකයේ කොවිඩ් 19 වෛරසය ආසාධිත රෝගීන් වාර්ථා වීම  දින දින ඉහල යාමක් පවතින අතර දිනකට රෝගීන් 20 දෙනෙකුගේ සාමාන්‍ය අගයක් පවතින බව සාකච්ඡාවේදි හෙලි විය.අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයෙන් හා මිහින්තලය ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් පොකුරු නිර්මානය වෙමින් පැවතීම පිළිබදව මෙහයුම් කමිටුවේ අවධානය යොමුවූ ප්‍රධාන කරුණ විය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී.බණ්ඩාර ආණ්ඩුකාර ලේකම් සහ ප්‍රධාන ‍අමාත්‍යංශ ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිං පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජී.කේ.එස්. චන්ද්‍රලතා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර ඇතුළු නිළධාරීන් පිරිසක් සාකච්ඡාවට සහභාගි වූහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts