උඩරට වතුකරය තුල පවත්වාගෙන යනු ලබන සමහර මත්පැන් හල්වලින් කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් හට ගෙන ඇති බව වතුකරයේ බොහෝ පිරිසක් පවසති.

හැටන්, මස්කෙළිය, බගවන්තලාව, දික්ඔය, නොර්වුඩ්, වැනි ප්‍රධාන නගරවල මෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවලද පවත්වා ගෙන යනු ලබන මත් පැන් හලවල් තුල (වයින් ස්ටෝර්ස්) අරක්කු බෝතල කඩා එම ස්ථානවල බිමට ලබා දිමෙන්  මෙම තත්වයන් උදාවි ඇති බවද ඔවුන් පවසති.

මෙම වයින් ස්ටෝස් තුල අරක්කු පානය කිරිම සදහා ලබා දිම තහනම් වුවද බොහෝ වයින් ස්ටෝස් තුල අරක්කු බෝතල කඩා එම ස්ථානයේ පානය කිරිමට ලබා දෙන බවත් එසේ ලබා දෙන විදුරු නිසි ලෙස සේදිමකින් තොරව එකම විදුරුවෙන් කිප දෙනකුම අරක්කු පානය කිරිමත් සමග මෙසේ කොවිඩ් වසංතය නැවත ස්මතුවිමේ අවදානමක් පවතින බවද ඔවුන් පවසති.

මෙම වයින් ස්ටෝර්ස් තුල අරක්කු පානය කිරිමට ලබා දිම තහනම් වුවද එම තහනම නොතකා මෙවැනි සිද්දින් සිදු කලද එයට එරෙහිව අදාල නිලධාරින් පියවර නොගැනිමද ගැටලු සහගත තත්වයක් බවත් පවසන එම පිරිස් මෙම තත්වයන් පිලිබදව අදාල ඉහල නිලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts