coronavirus news

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ ගිනිගත්හේන පුද්ගලික ඇගලුම් කම්හලක සේවය කරන  හැටන් ගාමිනි පුර පදිංචි අයකු  කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු ඔහුගේ පවුලේ අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම විදුහලේ ඉගෙනුම ලබන ඔහුගේ පුතාද කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමට හැකිවු බවත්ය.

එම තත්වයන් මත එම දරුවා අධ්‍යාපනය හදාරන විදුහලේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන  හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ සිසුන් තිදෙනකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි.ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

එමෙන්ම එම පංතියේ ඉගෙනුම ලබන හැටන් අවට ප්‍රදේශවල පදිංචි සිසුන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට එම ප්‍රදේශ බාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගන්නා බවද බාලක්‍රිෂ්නන් මහතා තව දුරටත් පවසන ලදි.

මේ පිලිබදව එම විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගෙන් කරන ලද විමසිමකදි එම මහත්මිය පවසන ලද්දේ මෙම විදුහලේ අදාල සිසුවා පසු ගිය 12වන දින පමනක් විදුහලට පැමිනි බවත් එම සිසුවාගේ පියා කොවිඩ් ආසාදිතයකු ලෙස හදුනා ගැනිමත් සමග එහි ව්‍යාප්තිය වලක්වා ගැනිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් මත එම පංතිය වසා දැමිමට පියවර ගත් බවත්ය.

මෙම දිනවල සිසුන් කාණ්ඩ වශයෙන් විදුහලට කැදවිම මත එදින මෙම පංතිය සදහා සහාභාගිව ඇත්තේ සිසුන් 11 දෙනකු පමනක් බවත් ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts