diwali 2020 india

ලග එන දිපවාලී උත්සවය සදහා හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශයට බාහිර ප්‍රදේශවලින් පැමිණෙන සියලුම දෙනා ස්වයං නිරෝධානය ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු විජිතද අල්විස් මහතා පවසන ලද්දේ ලග එන දීපවාලී උත්සවය සැමරිමට බස්නාහිර ඇතුළු විවිධ ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට විශාල පිරිසක් පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් එසේ පැමිනෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.

හැටන් පොලිස් කොට්ඨාශයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 37 දෙනකු හදුනා ගෙන ඇති බවත් මෙම ආසාදිතයන් මිනුවන්ගොඩ හා පැලියගොඩ ආශ්‍රියන් නිරෝධානයට ලක් කල අය බවත් මෙම තත්වයන් මත මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බස්නාහිර ඇතුළු පිටස්තර ප්‍රදේශවල සිට මෙම ප්‍රදේශවලට මෙම දිනවල පැමිනෙන සියලුම දෙනා ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.

පිටස්තර ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට පැමිනෙන පිරිස් පරික්ෂා කිරිම සදහා කලුගල, දියගල, බගතුළුව, බගවන්තලාව, වැනි ප්‍රදේශවල වීශේෂ මාර්ග බාධක යොදවා ඇති බවත් එම සැම මාර්ග බාධයකම දිනපතා පැය 24 පුරාවට පොලිස් නිලධාරින් යොදවා ඇති බවද පවසන ලදි.

එමෙන්ම බස්නාහිර ඇතුළු පිටස්තර ප්‍රදේශවල සිට හැටන් පොලිස් කොට්ඨාශයට අයත් ගිනිගත්හේන, වටවල, හැටන්, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, නල්ලතන්නිය, නොර්ටන් බ්‍රිජ්, යන පොලිස් බල ප්‍රදේශවලට පැමිනෙන පිරිස් ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයං නිරෝධානය ලක් කිරිමට පියවර ගන්නා ලෙස එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දිඇති බවත් මෙම සියලු කටයුතු කරනුයේ මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් බවත් විජිතද අල්විස් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts