මීගොඩ පොලිස් වසමේ මිනුවන්දෙනිය පාර, බෙරුකැටිය, කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් තම නිවසට කොරෝනා මර්ධන නිල නිල ඇඳුම් වලින් සැරසුණු හය දෙනෙකුගෙන් යුත් කල්ලියක් පැමිණ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කා පලාගිය බවට පැමිණිල්ල සිදුකළ කාන්තාව විසින්ම මෙම සොරකම සිදුකර ඇති බවට අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

එමෙන්ම  සොරකම් කර තිබූ මුදල් සහ රන් ආභරණ සියල්ල සහ සැකකාරිය සමග (23) දින සන්ධ්‍යාවේදී අත්අඩංගුවට ගැනීමට ගෙන ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා සොරකම සිදුවූ නිවස වෙත  ගිය පොලිස් නිලධාරින් පරීක්ෂණ සිදු කිරීමේදී පැමිණිල්ලේ සඳහන්ව තිබූ පැහැරගෙන ගිය බව සඳහන් කර තිබූ නර්තන ඇඳුම් කිහිපයක් ගිනි තබා පුළුස්සා තිබූ ස්ථානයක තිබී කොටස් කිහිපයක් සොයා ගැනීමට හැකි වූ බවත් ඒ අනුව පොලිස් නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත පැමිණිල්ල සිදුකළ කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඇය විසින් මෙම සිදුවීම තමන් විසින් සිදු කර දියණියන්ට දැන ගැනීමට නොහැකි වන පරිදි පොලීසියේ පැමිණිල්ලක් සිදුකල බව කාන්තාව විසින් සඳහන් කර ඇත.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහ හතකට ආසන්න රන්භාණ්ඩ අසුරයන්ගෙන් ඉවතට ගෙන ඉටි කවරයක ඔතා නිවස පිටිපස මිරිස් පැළයක් ආසන්නයේ වල දමා තිබියදී සොයාගත් බවත් රන් බාන්ඩ අසුරන ඊට මදක් ඔබ්බෙන් ඉති බෑගයක දමා විසිකර තිබියදී සොයාගත් බවත්  තමාගේ දෙටු දියණිය රැකියාව ලෙස රාත්‍රී සමාජ ශාලාවන්හි නළඟනක් වශයෙන් නර්තන අංශයේ සේවය කරන අතර ඇයට එය නවත්වන ලෙස කිහිපවිටක්ම අවවාද කළද එම රැකියාවට නොගොස් නතර නොවූ බැවින් රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කර රන් භාණ්ඩ නිවස පිටුපස වලක් කපා වල දමා සඟවා මුදල් තමාගේ වැඩිමහල් දියණිය වෙත ලබා දුන් බවත් මෙය සොරකමක් ලෙස හැඟවීම සඳහා මීගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කළ බවත් ඇය විසින් ලබාදුන් ලබා දුන් ප්‍රකාශයේ සඳහන් බව පොලීසිය පැවසීය.

සැකකාර කාන්තාව (59) වන වියේ පසුවන බවත් කිරිවත්තුඩුව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වන බවත් මෙම සිදුවීම සිදුවීමට දින දෙකකට පෙර එම නිවසට පැමිණ ඇති බවද බවද විමර්ශනයේදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

සොරකමක් සිදු කර සාවද්‍ය පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කිරීම සහ පොලීසිය නොමග යැවීම සඳහා බොරු තොරතුරු ඉදිරිපත්කර වංචා සහගත ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාව අත්අඩංගුවට ගත් බවත් ඇය (24) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මීගොඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද නුගේගොඩ මිරිහාන කොට්ඨාශ  අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත්  පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ, නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.කේ.ජී හේවගේ මහතාගේ උපදෙස් මත එම අංශයේ පොලිස් සැරයන් 61844 අනුර, පොලිස් කොස්තාපල් 69080 ප්‍රමිල, 76917 සෙනෙවිරත්න, 93377 ත්‍රිමාන්න, 96824 හර්ෂ, 3715 කුමාර යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.

 

සමීර  අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts