bus

සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බවත්ය.

බස් රථවල ආසන ගනනට පමනක් මගින් ප්‍රවාහනය කිරිම සදහා බස් ගාස්තු වැඩි කලද එසේ වැඩි කරන ලද බස් ගාස්තු මගින්ගෙන් අය කර ගන්නා සමහර පුද්ගලික මෙන්ම ලංගම බස් රථවලද අසිමිත ලෙස මගින් රැගෙන යන බවද එම පිරිස් පවසති.

හැටන්, ඩයගම, තලවාකැලේ, බගවන්තලාව, මස්කෙළිය, සාංචිමලේ, වැනි වතු ආශ්‍රිත මාර්ගවල ධාවනය කරනු ලබන බස් රථවල පොල් පටවන්නාසේ මගින් රැගෙය යන බවත් මෙහි සමහර මගින්ද මුඛ ආවරණ පැලදිමකින් තොරව ගමන් කරන බවද එම පිරිස් පවසති.

එමෙන්ම සමහර බස් රථ රියදුරන් මෙන්ම සමහර කොන්දොස්තරවරුන්ද මුඛ ආවරණ පැලදිමකින් තොරව කටයුතු කරන බවත් මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවද එම පිරිස් පවසති.

එසේ නොවුන හොත් මෙම ප්‍රදේශයන් තුල කොවිඩ් නැවත ඉස්මතු විම තුලින් මෙම ප්‍රදේශයේ සමන්‍ය ජනතාව දැඩි අවදානමකට ලක්විය හැකි බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts