ranjan-jayalal

කෙරවළපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී  ඛණිජ තෙල්, විදුලිය සහ වරාය එක්බද්ධ වෘත්තීය සමිති හමුවිය.

මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියේ ය.

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව සාකච්ඡා නොකළේ දැයි, මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා නොතිබූ බවයි.

නව සිහල උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, යමක හරි වැරැද්ද තීරණය කිරීමේදී වැරදි කරන පුද්ගලයා කවුරුන් ද යන්න අදාළ නොමැති බවයි.

මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, ඇමරිකාවත්, චීනයත්, ඉන්දියාවත් ලංකාවට කරන බලපෑම් ඉතා දැඩි ලෙස වැඩි වී ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, අපි වැඩ වර්ජනයට පිවිසෙන බවයි.

”ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ”

Similar Posts