eliphent

හේනේ වැඩ අවසන් කර නිවෙසට එමින් සිටිය දී  අද  (11) දහවල් වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගල් ඔය, රොටවැව,අංක 64 ලිපිනයේ පදිංචිව සිටි  ඩිංගිරි බණ්ඩලාගේ ඖෂධ හාමි (73) නම් ගොවියෙකි.පොලිසිය පවසන අන්දමට ඊයේ (11) උදෑසන සිට හේනේ වැඩ කරමින් සිටි මෙම ගොවිමහතා දහවල් නිවෙසට පැමිණෙමින් සිටියදී රොටවැව කැලෑබද ප්‍රදේශයක දී වන අලියා පහර දී ඇති බවයි.පසුව වන අලියාගේ පහර කෑමට ලක්ව දැඩි ලෙස තුවාල සිදුවූ මෙම පුද්ගලයා තවත් ගොවින් පිරිසක් විසින් මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ඇත.එහි දී වැඩි දුර ප්‍රතිකාර සදහා පොලොන්නරුව මහ රෝහලට රෝගියාව මාරු කර එවා ඇති අතර මහ රෝහලේදි මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ මින්නේරිය පොලිසිය විසින් සිදු කෙරේ.

ඊෂා  මුදියන්සේ- පොලොන්නරුව

Similar Posts