හැටන් දික්ඔය සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු අහාර වර්ග විකිනිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා දික්ඔය  නගරවල සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු සැමන්, බිස්කට්, චොකලට්, මාගරින්, යෝගට්, වැනි ආහාර ද්‍රව්‍ය විකිනිම සිදු කරන බවත්ය.

මෙහි  වෙලද සැල්වලින් ලබා ගන්නා මෙම ආහාර වර්ග මාරු කිරිමට යාමේදි සමහර වෙලද සැල් හිමියන් එහි ආහාර ද්‍රව්‍ය මාරු කර දිමට පියවර ගත්තද සමහර වෙලද සැල් හිමියන් එම ආහාර ද්‍රව්‍ය මාරු කර නොදෙන බවත්  එම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ. බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ පසු ගිය දිනවල පැවති නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් සමහර වෙලද සැල්වල කල් ඉකුත්වු ආහාර ද්‍රව්‍ය පවතින බවත්ය.

එසේ කල් ඉකුත්වු ආහාර ද්‍රව්‍ය ඉවත් කරන ලෙස එම වෙලදුන්ට උපදෙස්දි ඇති බවත් එම උපදෙස්වලට පිටුපාමින් කල් ඉකුත්වු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදුන්ට එරෙහිව නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts