river

කළුගඟ සහ කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුදෙයි.

මේ අතර, ඉදිරි පැය 24 තුළ දී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද සවස් කාලයේ සිට නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික ප්‍රජාව එම මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනට දකුණු දෙසින්වන මුහුදු ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Similar Posts