gas

හැටන් ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක  මේ වන විට පවතින ගෑස් හිගයෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජනතාව පවසනුයේ ගෑස්  මිල වැඩි වුවද මේ වන විට නැවත ගෑස්  හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම ගැස් හිගය පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශවල හිංදු ජනතාව පවසනුයේ දිපවාලි උත්සවය මේ මස 04වන දිනට යෙදි ඇති බවත් මෙම දිනවල පවතින ගෑස්  හිගය හේතුවෙන් දිපවාලිය සැමරිමේදිද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි මෙම ප්‍රදේශවල ගෑස් අලෙවි නියෝජියන් කිප දෙනකුම පවසන ලද්දේ පසු ගිය මස 28වන දිනට පසුව ගෑස් තොග තමන්ට නොලැබිමත් සමග මෙම ගෑස් හිගය පවතින බවත්ය.

දිපවාලි උත්සවයත් සමග ගෑස් ඉල්ලුමද වැඩිවි ඇති බවත් එහෙත් ගෑස්  තොග නිසි ලෙස නොලැබිමත් සමග තමන්ද දැඩි අසිරුතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් පවසති.

තමන් මෙම ගෑස් හිගය පිලිබදව ගැස් සමාගම් නියෝජිතයන්ගෙන් කරන ලද විමසිමකදි රට තුල පවතින ඩොලර් හිගය හේතුවෙන් ගෑස්  ගෙන්විමට නොහැකි විමෙන් මෙම තත්වයන් උදාවි ඇති බව ඔවුන් පවසන බවද එම අලෙවි නියෝජියකු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts