sitha-gagula

ශ්‍රි පාදය වන්දනා කිරිමට පැමිණෙන වන්දනාකරුවන් ජලාශවල දිය නෑමෙන් වලකින ලෙස හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස් මහතා ඉල්ලිමක් කරයි.

මේ වන විට කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පහල බැස ඇති බවත් එම ජලාශවල රෝන් මඩ පිරි ඇති බැවින් එම ජලාශවල දිය නැම අනතුරු දායක බවද ඔහු පවසයි.

එමෙන්ම මෙම ප්‍රදේශයෙන් ගලා යන මහවැලි හා කැළනි ගංගාවලද දිය නැමට යාමේදි තමන් දිය නැමට යන ස්ථාන පිලිබදව නිසි ලෙස සොයා බලා දිය නැමට යනලෙසද ඔහු වන්දනාකරුවන්ට වැඩි දුරටත් පවසති.

මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනෙන බවත් එසේ පැමිනෙන පිරිස් මෙම ප්‍රදේශයන් පිලිබදව නිසි ලෙස නොදන්නා බැවින් ජලාශවල හා ගංගාවල දිය නැමට යන්නේ නම් එම ස්ථාන පිලිබදව නිසි අවබෝදයක් ලබා ගෙනදිය නැමට යාමෙන් තම ජිවිත ආරක්ෂා කර ගෙන දිය නැමට හැකි බවද ඔහු තව දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts