GMOA – Government Medical Officers' Association

වෛද්‍ය සංගමය “ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම” මැයෙන් ගුරු අරගලය සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය ආපස්සට හැරවීමට උත්සාහ දරමින් සිටිනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 මගින් තහවුරු කරන්නට යන වැටුප් ප්‍රතිපත්තිය, වෛද්‍ය සංගමය “ජාතික” කරගත්තාට, එය ‍රාජ්‍ය සේවකයින් ලක්ෂ 15ක අභිමානය නැති කල “අවජාතක” වැටුප් ප්‍රතිපත්තියකි.

බමුණු කුලයක් නිර්මාණය කර, රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාවය විනාශ කල එම වැටුප් ක්‍රමය ආරක්ෂා කර ගැනීමට යැයි පවසමින් වෛද්‍ය සංගමය ගුරු සහ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගල කඩාකප්පල් කිරිමට උත්සාහ දරමින් සිටී.

කෙසේ නමුත් 6/2006 මගින් ස්ථාපිත කිරීමට උත්සාහ දරමින් සිටින වැටුප් පරතරය, වැටුප් අනුපාතය, සේවා වර්ගීකරණය, උසස්වීම් ක්‍රමය, සහ මූලික වැටුප් ප්‍රතිපත්තියෙහි පවතින පරස්පරතා වහා වෙනස් කරන ලෙස අපි රජයට බල කරන අතර, එම ප්‍රතිපත්තිය හකුලා දැමීමට කටයුතු කරන ඕනෑම පාර්ශවයකට සමස්ත සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සහයෝගය ලබා දෙන්නෙමු.

වෛද්‍ය නිළධාරීන්ගේ වර්ජනයයට අපේ සහයෝගය පල කරන නමුත්, ඔවුනගේ අවසන් ඉල්ලීම් දෙක මගින් ගුරු අරගලය සහ හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය ආපසු හැරවීමට උත්සාහ දැරීම හෙලා දකිමු.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රකින්නට හදන “ඊනියා ජාතික” වැටුප් ප්‍රතිපත්තිය කුඩු පට්ටම් කල යුතුයි. එසේ කරන ඕනෑම කෙනෙකු සමග කොන්දේසි විරහිතව අපි හිට ගන්නවා. සෞඛ්‍ය සේවාව අකර්මන්‍ය කල, සාමූහිකත්වය නැති කල, ලක්ෂ 15ක් රාජ්‍ය සේවකයන් තලා පෙලා දමමින් බමුණු කුලයක් ඇති කල 6/2006 හි ප්‍රති විපාක ගැන විවෘත සංවාදයකට අභියෝග කරමු.

රවී කුමුදේශ්

Similar Posts