GMOA – Government Medical Officers' Association

දිස්ත්‍රික්ක 05ක රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (20) උදෑසන 8 සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ , මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල වර්ජනය ක්‍රියාත්මක බවය.

පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ දී සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් මන්නාරම, ත්‍රිකුණාමලය, රත්නපුර, නුවරඑළිය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

 

Similar Posts