unp

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, එක්ව නැගිටිමු යන්න තේමා කර ගනිමින් උත්සවය පැවැත්වෙන බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්‍ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

1953 හර්තාලයෙන් ඩඩ්ලි සේනානායක මහතා පරාජය වීමෙන් පසු නැවත ඒ මහතා 1960 – 65 බලයට ගෙන ඒමට ජනතාව කටයුතු කළා සේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය පරාජය වීමෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා බලයට ගෙන ඒමට කටයුතු කළ ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ද නැවත බලයට ගෙන ඒම සිදු වී ඇතැයි මහ ලේකම්වරයා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය බලයේ සිටියදී ආණ්ඩුව පෙරළා දැමීමට බොරු ප්‍රචාර, පාස්කු ප්‍රහාරය ඇතුළු කුමන්ත්‍රණ දියත් වූ බවද එසේ නොමැතිව ආර්ථිකය බිඳදැමීම නිසා රජයක් පෙරළුෑ අවස්ථා නොමැති බව ද පැවසූ රංගෙ බණ්ඩාර මහතා දැනට ජාත්‍යන්තරය පිළිගත් රටේ සිටින නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3.00 ට  උත්සවය පැවැත්වේ.

 

Similar Posts