jo

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය.

“වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප දුටු විට හදවත වේදනාවට පත් වන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය වැරදි කළමනාකරණය හේතුවෙන් ඇති වූවක් බවත් එම නිසා සිදු කළයුතු වැදගත්ම දෙයනම් රටේ නැවතත් හොඳ ක්ෂුද්‍ර ආර්ථික පදනමක් ඇති කිරීම”යැයි ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය ඉන්දියාවේ එන්.ඩී.ටීවී රුපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

Similar Posts