hatton

නිරෝධාන ඇදිරි නිතිය නිමවිමෙන් පසු හැටන් නගරයට පැමිනෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ දින 43 ක පමන නිරෝධාන ඇදිරි නිතිය  හෙට (01)  දින ඉවත් කිරිමට රජය මගින් පියවර ගැනිමත් සමග නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා ලෙස නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවත්ය.

එම උපදෙස් මත සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් නගරයේ විවිධ ස්ථාන විෂබීජහරණයට ලක් කිරිම සිදු කරන බවත් බාලචන්ද්‍රන් මහතා තව දුරටත් පවසන ලදි.

hatton

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts