sathosa

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ සතොස වෙලද සැලේ සේවිකාවකට කොවිඩ් ආසාදනය විමත් සමග එම සතොස ශාඛාව වසා දැමිමට උපදෙස් ලබා දුන් බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිළධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ හැටන් මලන්ලිඅපුපුව සතොස ශාඛාවේ සෙවිකාවක් මෙසේ කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම ශාඛාවේ සේවය කල 09 දෙනකු නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම පිරිස මෙසේ නිරෝධානයට ලක් කිරිමත් සමග එම සතෙචාස ශාඛාව දින 14ක් වසා දැමිමට උපදෙස් දුන් බවත් යම් ආකාරයකින් එම ශාඛාව සදහා වෙනත් කාර්ය මණ්ඩලයක් යෙදවිමට එහි පාලන අධිකාරිය පියවර ගන්නේ නම් එම ශාඛාව විෂබීජහරණයට ලක් කර විවෘත කිරිමට උපදෙස් දෙන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts