keheliya-rabukwalla

සෞඛ්‍ය සේවාව සඳහා මෙරට ඉතිහාසයේ පළමුවරට අය – වැය මගින් රුපියල් මිලියන පන්සියඅසූවක මුදලක් වෙන් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම මුදල් වෙන්කිරීම සිදුවන බව අය වැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහනුවර කුණ්ඩසාලේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංචාරක, ඇඟලුම්, කෘෂිකර්ම ආදි සියලු ක්ෂේත්‍රවල බිඳ වැටීමක් පවතින අවස්ථාවක රටේ සංවර්ධන ප්‍රමාද කිරීමට රජය කටයුතු නොකරන බව කී අමාත්‍යවරයා, ඉදිරි වර්ෂයේදී ග්‍රාම නිලධාරී වසමක් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 03ක් බැගින් වෙන් කොට ඇතැයි ද කීවේය. ඒ අනුව ගම්මාන 14 000කට අධීක ප්‍රමාණයක් සඳහා මෙම ප්‍රතිපාදන හිමි වන බවත් අමාත්‍යවරයා කීහ.

කොරෝනා පළමු, දෙවන හා තෙවන රැළි වලදී මහජනයාට රුපියල් පන්දහසේ සහනාධාර වශයෙන් රුපියල් බිලියන එකසිය විස්සක මුදලක් ලබාදී ඇතැයි ද ඒ මහතා කීවේය. එම මුදල මහනුවර කොළඹ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට වැය වන මුදලට සමාන යැයි පෙන්වා දුන්නේය.

මෙරට ජනගහණයෙන් මිලියන 32ක පිරිසකට එන්නත්කරණය සිදු කොට අවසන් යැයි  සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ අනුව සමස්ථ ජනගහණයෙන් 58%කට එන්නත් දෙකම ලබා දී ඇතැයි ද වැඩිදුරටත් කීවේය.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

 

Similar Posts