covid infections and deaths

අනුරාධපුර මහවීදියේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක සේවකයන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාධනයවි ඇති බව ඊයේ (02දා) සවස වනවිට අනුරාධපුර වසංගතවේද විද්‍යායතනය තහවුරු කරගෙන තිබුණි.

මෙම ආයතනයේ සේවයේ නියුතු නිලධාරින් හත්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය වැලදි තිබෙනා අතර ඔවුන් රෝග ලක්ෂණ සහිතව ඉතා වගකීම් විරහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආයතනය තුල සේවය කළ සේවකයින් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ කැස්ස හෙම්බිරිස්සාව උණ රෝග ලක්ෂණ සහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ අනාවරණය කළ අතර සිදුකළ පී.සී.ආර් පරික්ෂණ වලදි ඔවුන් කොවිඩ් ආසාධිතයන් බව තහවුරු කරගෙන තිබේ

කොවිඩ් ආසාධිත කාර්ය මණ්ඩලය සේවයේ නිරත වද්දි සේවා ලබා ගැනීමට විශාල පිරිසක් අනුරාධපුර මහවීදියේ පිහිටි ආයතනයට ගොස් ඇති බවත් මේ හේතුවෙන් දැඩි කොරෝනා අවදානමක් මතු වී ඇත බව සෞඛ්‍ය අංශ තහවුරු කළේය.ඊයේ (02දා) සවස් වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවි ඇති රෝගීන් සංඛ්‍යාව 13 කි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts