strick

අධිකරණයෙන් නිකුත් කෙරුණු වාරණ නියෝගය මෙතෙක් තමන්ට ලැබී නොමැති බැවින් සිය වර්ජනය අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.

කෙසේවෙතත් එම වාරණ නියෝගය තමන් වෙත ලැබුණහොත් නීතීඥ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සම්මේලනය ඊයේ රාත්‍රියේ පැවසුවේ.

ලබන 24 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි වර්ජන ක්‍රියාමාර්ගය වහාම අත්හිටුවන්නැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව කොළඹ දිසා අධිකරණය එම වාරණ නියෝගය නිකුත් කළේ ඊයේ පස්වරුවේයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 18 ක් ඉකුත් සඳුදා දින සිට මෙම වර්ජනය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන් රෝහල් කටයුතුවලට එල්ල වුණේ දැඩි බලපෑමක්.

Similar Posts