දින 4ක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත්බිම් ‍රැසක් ජලයෙන් යටවී පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ස්ථාන 3ක් ද පොලොන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයකින් ද අඩි 3ක පමණ ජල කදක් ගලා යෑම හේතුවෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය සුංගාවිලින් වසා දැමීමටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ කුඩා වාහන ධාවනය නවතා දැමීමටත් පියවර ගත්  බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසුවේ මේ වනවිටත් වැසි තත්ත්වය පහව ගොස් නැති බැවින් පහත්බිම් තව දුරටත් ගංවතුරෙන් යටවීමේ අවදානම පවතින බවද  පැවසීය.

මේ අතර පෙරේදා(21) සවස වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කරපොල මුතුගල මාර්ගයේ කිරි එකතු කිරීමේ යෙදී සිටි කිරි බව්සරයක් දිය පහරට හසුව ඇති අතර තවමත් එය ගොඩ ගැනීමට හැකි වී නැත.මහවැලි බී කලාපාට අයත් කුඹුරු අක්කර 5000ක් පමණ ජලයෙන් යටවී ඇති අතර කුඩා වැව් ‍රැසක් පිටාර ගලමින් තිබේ.

පොලොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් අසංග සෝමවංශ මහතා පැවසුවේ මේ වන විට පුලස්තිගම ගිවිජන සේවා බලප්‍රදේශයේත් පොලොන්නරුව ඕඒනැගම,මැදිරිගිරිය වැඩිගවැව මීගස්වැව අඹගස්වැව ප්‍රදේශවලත්  කුඹුරු අක්කර 2500ක් 3000ක් පමණ ජලයෙන් යටවී ඇති බව්යි.

තව දුරටත් පැසි පැවතුනහොත් හා පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු විවෘත කළ හොත් මෙම තත්ත්වය පස් හය ගුණයකින් වැඩි විය හැකි බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

පොලොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂ එස්.ඒක්.හේවාගම මහතා දිස්ත්‍රික්කයේ ජලාශවල තත්ත්වය පිළිබඳව මෙසේ කීය.

” පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 103 000ක් වෙනවා.හවස් වනවිට වාන් දොර‍ටු විවෘත කරන්න වේවි.අනිකුත් ජලාශවල නම් එවැනි තත්ත්වයක් තාම නෑ.මින්නේරියේ සියයට 67ක් කවුඩුල්ල සියයට 41ක් හා ගිරිතලේ සියයට 75ක් පමණ තමයි පිරිලා තියෙන්නේ.ගොඩක් ඇළවේලිවල කැලි කසල පිරිම නිසා ගලා යන වතුර පැරවල් පිටාර ගලමින් තියෙන්නේ.”

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Similar Posts