humanrights

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ ඇමැති තාරික් අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඊයේ (20) පැවසීය.

ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ සාමිවරයා පැවසුවේ ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟා විය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කර ගත හැකි වනු ඇති බවයි.

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බව ද සාමිවරයා පැවසීය.

Similar Posts