ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

එම සංවිධානය ඉල්ලා සිටින්නේ, එම නිර්දේශ මේ මස 22 වැනි දින ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසය.

ඊයේ නිකුත් කළ වාර්තාවක, හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, නීතිඥයින්, වින්දිතයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ සුළු ජාතීන් පීඩාවන්ට පත් කර ඇති බවයි.

Similar Posts