rabbit

නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබුණි.

පවතින පොහොර අර්බුදය හේතුවෙන් එළවළු ඵලදාව අඩුවී ඇති බවට ගොවීන් පවසන පසුබිමක ඒවායේ මිල ගණන් දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී.

තඹුත්තේගම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙත  ලැබී තිබූ එළවළු තොග සීමාවීමත් සමග එහි මිල ගණන් ඉහළ ගොස් තිබුණේ වෙළෙඳුන්ද දුෂ්කරතාවට පත්කරමිනි.

මේ අතර එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ  සුරතලයට ඇති කරන හා පැටව්න්ටත් අහාර ලබා දීම සීමා කිරීමට සිදුවන බව සුරතලුන් අලෙවි කරන වෙළෙන්ඳන් පවසයි.

Similar Posts