wagawa

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත තුළ කෙටි කාලීන බෝග වගාව කිරීමට අවසර ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව වසරකට පර්චසයකට රුපියල් සියයක බදු සහන ක්‍රමය යටතේ එම ඉඩම් ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ දුම්රිය රක්ෂිත ආශ්‍රිත පවතින ගැටලු සම්බන්ධයෙන් පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර මණ්ඩපයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

මේ අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරක දුම්රිය ගමන් වාර කීපයක් ද කොළඹ සිට ප්‍රදේශ කීපයකට එක් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Similar Posts