mithreepala

ජාත්‍යන්තර ආයතන ආධාර ලබා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතිය, සාමය සුරැකෙනවා නම් පමණයි. මගේ පාලන සමයේ කිසිසේත් නොදැමූ කොන්දේසි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව මා දන්නවා යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝට්ටේ ආසන බලමණ්ඩල රැස්වීමට පසුගිය දා එක් වෙමිනි.
ජාත්‍යන්තරව මේ රට නොසලකන මීට වඩා ප්‍රබල කරුණු තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ නොව තවත් මාස දෙක තුනකින් කතා කිරීමට අපේක්ෂා කරන බවත් සභාපතිවරයා කීවේය.

දූෂණය, නාස්තිය, අක්‍රමිකතා වගේම බලය කිහිප දෙනෙක් අත පැවතීම යන මේ කියන බරපතළ කරුණු ගත් වීට රටට ගොඩ ඒමට අත දීම සඳහා කිසිවෙක් ඉදිරිපත් නොවන බවද ලබන මාර්තු අප්‍රේල් වන විට ආහාර හා ජීවත් වීමේ අර්බුදය බරපතළ තත්ත්වයට පත් වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි ද කී ඒ මහතා, ‘‘අපිටත් අද කෑ ගහන්න සිද්ධ වෙලා තිබෙනවා බේර ගන්න බේර ගන්න කියලා, කවුද අපිව බේර ගන්නේ. අපි සැබෑ මිනිස්සු නම් පමණක් අපිව බේර ගනීයි’’ යනුවෙන් ද කීවේය.

‘‘අද කොළඹ කුණු ගොඩකට පයින් ගැහැව්වොත් ජනාධිපති අපේක්ෂකයෝ දහයක් පහළොක් විසි වන බවත් ජනාධිපති අපේකෂත්වයක් යළි ලබා ගැනීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. අපි තමයි ලොක්කෝ අපිට පුළුවන් ආණ්ඩුව හෙට අරගෙන කරන්න. ඔක්කොම ප්‍රශ්න විසඳන්නම් කියලා කතා කරන අය ඕනෑතරම් ඉන්න බව අපට පේනවා’’ යැයි ද පැවසීය.

ආත්මාර්ථකාමීව අපි තමයි මිනිස්සු‘ කියමින් කිසිවකුටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නැතැයි ද මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික ආණ්ඩු වෙනුවට මේ රට හැදීමට නම් වෙනස් ආණ්ඩුවක් අනාගතයේ අවශ්‍යයම යැයි ද ඒ මහතා කීවේය.

සභාපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතැම් අවස්ථාවල අපකීර්තිමත් වෙලා තිබෙනවා. කවුරුන් කෙසේ කීවත් මේ වන විට ඉදිරියෙන්ම සිටින දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

Similar Posts