isolated areas in colombo

කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි.

කෙසේවෙතත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවලට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර හිමි නොවන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

Similar Posts