money

ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය  මේ  අවස්ථාවෙ තමන්ගෙ වැටුප  කොවිඩ් නිසා  අසරණවු  මහජනතාව වෙනුවෙන්  ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි  බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය.

“දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ මාසික වැටුපෙන් බාගයක් ඉල්ලන්න කලින්  දේශපාලන බලයෙන්, රජය මගින්  පත්විම් ගත්ත මාසිකව ලක්ෂ දහය,  පහලව  වැටුප් ,දිමනා ගන්න සංස්ථා සභාපතිවරුන් , අධ්‍යක්ෂකවරුන්  මේ වසංගතය  යම් තත්වයකට අඩුවෙන තෙක්  මේ දිමනා ලබා ගන්නෙ නෑ කියල  කැප කිරිමක් කල යුතුයි.

ආණ්ඩු පක්ෂය පමණක් නෙමෙයි පක්ෂ විපක්ෂ සමස්ත මැති ඇමති සියලු දෙනාම මේ ව්‍යසනයෙන් රට බේරාගන්නා තුරු තමන් ලබා ගන්නා, වැටුප් දිමනා වලින්  අඩක්  පමණක් ලබා ගන්නවා කියල තීන්දුවකට, තීරණයකට පැමිණිය යුතුයි.

එහෙම ඉහළ සිට පහළට ආදර්ශමත්  විය යුතුයි. එක එක්කෙනා ජනප්‍රිය වෙන්න  ප්‍රකාශ නිකුත් කිරිම වෙනුවට සමස්ත පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මේ මොහොතේ තීන්දුවක් ගතයුතුයි.රජය මගින් දේශපාලනයෙන් පත් කරන සභාපති වරුන්, අධ්‍යක්ෂක වරුන් මාසෙකට රුපියල්  ලක්ෂ දහය පහලව  ගන්නවිට උපාධියක්, අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබාගන්න ගුරුවරයා මාසෙකට රුපියල්  විසිනම දාහක්, තිස් දාහක් වැටුපක් ගන්නකොට  ඔවුන් මේ කරන අරගලය  අසාධාරණයයි කියන්න කිසිවෙකුට හැකියාවක් නැහැ.

මේ රටේ සාමාන්‍ය  මහජනතාව දැනටමත් මේකට ටික ටික පරිත්‍යාග කරනවා.මමත් සභාපති තනතුරක් දරල තියෙනවා. සමහර අධ්‍යක්ෂකවරුන්  ලක්ෂ දහය පහලව ගන්න අවස්ථා තියෙනවා.අනෙත්  අතට මේ සභාපති තනතුරු දීල තියෙන්නෙ කෝටිපතියන්ටයි. මේ වෙලාවෙ මේ අය කැපකිරිමක් කල යුතුයි.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts