kaluthara

දින දෙකක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත  වර්ෂාවත්  සමග කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග   රැසක  ජලයෙන්  යටව  ප්‍රදේශයේ  කීපක නායයෑමේ අවදානම්   අනතුරු  ඇඟවීම්  නිකුත්  කර තිබේ.

පසු ගිය දෙදින පුරා කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්  සමග  දිස්ත්‍රික්කයේ  ගංගා රැසක් පිටාර මට්ටමකට පැමිණ  අද (06) දහවල් වන විටත් මාර්ග කිහිපයක   ගමනාගමනයට බාධා එල්ලවී තිබිණ.

කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් අද  (06) විවෘත කිරිමත් සමග තත්පරයට  ඝන මීටර්  130 ක ජල ධාරිතාවයක් පිටකරන නිසා  පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි බුලත්සිංහල  ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය  කියයි.

බුලත්සිංහල , පරගොඩ ,අගලවත්ත  කුඩලිගම, ඇතුළු  මාර්ග රැසක්   අද (06) දහවල් වනවිටත් ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි.

වළල්ලාවිට , පාලින්දනුවර .,අගලවත්ත , සහ බුලත්සිංහල  ප්‍රා⁣දේශිය  ලේකම්  කොට්ඨාසවලට නායයෑමේ  අවදානම්  නියෝග නිකුත්  කර ඇති අතර කදු සහ  නායයෑමේ  අවදානම් ඇති ප්‍රදේශවල  ජිවත්වන ජනතාව  අවධානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි  පර්යේෂණ  ආයතනය දන්වා සිටියි.

අද (06) දහවල් වනවිට කළුගග, මගුරු ගඟ, පැළැන් ගඟ, සහ කුකුලේ ගඟ ඇතුළු  කළුතර  දිස්ත්‍රික්කයේ  ගංගා  රැසක ජල මට්ටම් ඉහල  යමින් තිබිණි.

හදිසි   ගංවතුර හෝ ආපදා තත්ත්වයක්  ඇතිවුවහොත් ඊට මුහුණදිම සදහා අදාල නිළධාරින් ,සේවක පිරිස් සුදානමින් තබා ඇතැයි කළුතර දිස්ත්‍රික්  ආපදා කළමනාකරණ ඒකකය කියයි.

බුලත්සිංහල  පරගොඩ මාර්ග සහ අගලවත්ත කුඩලිගම  මාර්ගයේ  ගමනාගමනයට  බාධා  එල්ලව තිබු අයුරු  ඡායා  රූපයේ  දැක්වෙි.

kaluthara

එස් .පොද්දෙණිය   – මීගහතැන්න

Similar Posts