patali

තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමක ආණ්ඩුව සිටින බවත්, තමන් ඊට කිසිසේත්ම බිය නොවන බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුවේ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් ජනතාවට හෙළිදරව් කිරීම හේතුවෙන් මෙය සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවකි.

ඊට එරෙහිව ජනතාව ඉදිරියට යන බව කී මන්ත්‍රීවරයා මෙම පාපය තවත් ඉවසිය යුතු නැති බවද කීය.

Similar Posts